මම කැළණියෙන් බැස්ස. අවිශ්ක අයිය කිරිබත්ගොඩටම යන්න ඕනනෙ. එදා මම ගෙදර ගියේ හිතේ ලොකු අද්භූත හැගීමක් එක්ක. අවිශ්ක අයියගේ උණුසුම දැනුණු අත මන් එදා දහස් වතාවක් සිඹින්නට ඇති. එදා මට නින්ද ගියේ නැහැ. දවාලෙ සිද්ද උන දේ ගැන එක එක විදියට මගේ හිත මට කියන්න ගත්ත. ජීවිතේට කාගෙන්වත් ආදරයක් විඳල නැති මට ඒ වගේ හැඟීමක් කවදාවත් දැනිල නෑ.
පහුවදා උදේ අවිශ්ක අයිය අරන් දීපු ඇඳුම මං ඇඳලා කන්නාඩිය ගාව එක එක අතට හැරී හැරී බැලුව. ඇත්තමයි එයාටනම් නියමෙට ඇඳුම් තෝරන්න පුළුවන්. එකත් මගේ ලස්සනම ඇඳුම් කීපය අතරට එකතු උනා.
එදාට පස්සෙ හුඟ කාලෙකින් අවිශ්ක අයියව මට හම්බ උනේ නෑ. මම බොරැල්ලෙ ෆාමසියක ජොබ් එකකට ගියා. අවිශ්ක අයිය ඒ දවස් වල එයාගෙම ඩිස්පෙන්සරියක් දාන්න ලෑස්ති වෙනවා.
'' නංගි, අපි දෙන්න එක්ක කවද හැරී අපේම ඩිස්පෙන්සරියක් දාමු. මං කැමති නෑ ඔය අනුන්ගෙ තැන් වල එක එක්කෙනාට යටත් වෙලා වැඩ කරන්න.''
අවිශ්ක අයිය නිතරම වගේ කිව්වා මට මතකයි. ඇත්තටම අවිශ්ක අයිය හරිම උත්සහවන්තයි. කවදාවත් තමන්ගේ අම්මට තාත්තට බරක් වෙන්න එය කැමති උනේ නෑ. එයට ඩිස්පෙන්සරියක් දාන්න හොඳ තැනක් නාරාහේන්පිටින් හම්බ උනා. එය එකේ වැඩ පටන් ගන්න ලෑස්ති වෙනවා. මන් ඒ ටිකේ ෆාමසියේ වැඩ කරන නිසා එය කිව්වා ටික දවසක් ඉඳල experience අරන් අවොත් හොඳයිනෙ කියල. මමත් ඉතින් අවිශ්ක අයියට උදවු වෙන්න හිතන් ෆාමසියේ වැඩ හොඳට අල්ලගත්ත.
ඊළඟට මොකද උනේ බලන්න හෙටත් එන්න......
ඊළඟට මොකද උනේ බලන්න හෙටත් එන්න......
No comments:
Post a Comment