සසර සැරිසරන තෙක් ඔබ මගේ

එදා හරි අමුතු දවසක්, මං දන්නේ නෑ මට එහෙම හිතෙන්නේ ඇයි කියල. එදා මම අවිශ්ක අයියත් එක්ක ෂොපින් ගියේ මට තනියම ඇදුම් තෝරන්න තේරෙන්නැති හින්ද. එයාට පුළුවන් මටත් වඩා හොදට  ගැනු   ළමයිට ඇඳුම් තෝරන්න. අනේ මන්ද, එය වෙලාවකට කියනව විහිළුවෙන්  වගේ  යාලු වෙලා හිටපු ගැනු ලමිට ඇඳුම් තොරලම පුරුදු වෙලාලු. එත්, ඒ වෙලාවට මගේ හිතට මොකක්දෝ අමුතු පීඩනයක් දැනෙනව. මන්ම දන්නෙ නෑ ඒ ඇයි කියල. 

ඇත්තටම අපි හොඳ  යාළුවො. මං පුංචි දවස් වල ඉඳන්ම එයා මට හුඟක් දේවල් වලට උදවු කලා. නිතර අපේ ගෙදර අව ගියා. එත් එයා ගාව මං අකමැතිම පුරුද්දක් තිබුන. අහු උන තැන එයා එක එක ජෝක් දාල මව බයිට් කරනවා එයාගේ අනිත් යාළුවොත් එක්ක. එත් ඒ වෙලාවට මගේ ඇස් වලට කඳුළු නොදී මගේ හිත රහසින්ම ඇඩුවේ ඇයි කියන්න මං දන්නෙ නෑ. 

අපි එදා ඔඩෙල් එකෙන් ඇඳුම් අරං පාරට ආව බස් එක ගන්න. 
 ''අම්මෝ පට්ට අවුවයි නංගි. ඊගාවට එන එකේනං කොහොම හරි යං. ඔය දන්නවනේ මට අවුවේ ඉන්න බෑ කියල.''  
අවිශ්ක අයිය එහෙම කිව්වේ මං සෙනග ඉන්න ඒවගෙ යන්න බෑ කියන නිසයි. වෙලාවත් දෙකට විතර ඇති. එත් මං බලන් හිටියේ ඉඳගෙන යන්න පුළුවන් එකක් එනකන්. එත් හැම එකේම පුරෝලා සෙනග. ටික වෙලාවක් යද්දි A /C බස් එකක් ආව. අපි ඒකට නැග්ග අම්මෝ ඇති යන්තං කියල හිතාගෙන.  එකේ ඉඩ තිබ්බෙ පිටිපස්සේ සීට් එකේ විතරයි. අපි ගිහින් එකෙන් ඉඳගත්ත. අවිශ්ක අයිය සීට් ඒකට හේත්තු වෙලා නිදාගත්තා. 

යන්න හම්බුනේ ටික දුරයි. බස් එක නැවතුනා. 
 ''මොකක් හරි වෙලා වගේ නේද '' අවිශ්ක අයිය කිව්වා. 
 ''හ්ම් ...........''
මං කිව්වේ එච්චරයි.  හුගක් ය බැහැල බැලුව. 
 ''අනේ මටනම් බැහැ බැහැ ඉන්න බෑ ඔහොම ඉමු '' අවිශ්ක අයිය සීට් ඒකට හේත්තු වෙලා ඉන්න ගමන්ම කිව්වා. 
ටික වෙලාවක් මං එලිය බලන් හිටිය ඒගොල්ලෝ කරන්නෙ මොනවද කියල. එක පාරටම අවිශ්ක අයිය මට තට්ටු කරලා කතා කලා. මාත් ගැස්සිලා බැලුව. 
''අනේ මට සීතලයි නංගි...... අත පොඩ්ඩක් දෙන්න බැරිද.. ''
අවිශ්ක අයිය එහෙම කිව්වම මගේ මුළු ඇඟම සිතල වෙලා ගියා. එත් අනේ මන්ද ඒ වෙලාවේ මාත් කිසිම පසුබෑමක් නැතුව එයා ඉල්ලපු දේ දුන්න. ඒ උනාට මගේ හිතට මහා අමුත්තක් දැනෙන්න ගත්ත. හදවත ගැහෙන වේගේ එන්න එන්නම වැඩි උනා. මට කිසි දෙයක් කතාකරගන්න බැරුව වීදුරුවෙන් එලිය බලන් හිටිය. 
''ඇත්තටම මේ තවත් එක ලස්සන ආදර කතාවක අරම්භයක්ද.........''   මම මගේ හදවතින් ඇහුව. 
                              
                                                                            ඊළඟට මොකද උනේ බලන්න හෙටත් එන්න ...

No comments:

Post a Comment