මගේ අත්දැකීමක්

මගේ අත්දැකීමක් ................
මේක මට උනේ මතක හැටියට 2008 දී. එතකොට මම bike එක අරන් ඔන්නම් සතියක් ඇති. මම bike එක ගන්න කලින් ජීවිතේට bike  එකක් පැදල නෑ. මේකයි කතන්දරේ. මම ඉස්සෙල්ලම ඕකෙන් ලොකු ගමනක් ගියේ මෙදා තමයි. ඇත්තටම මම පන බයේ එදා ගියේ. ලොක්ක වගේ ගියාට :D ඒ මගේ ජාතික සංගීත විභාගෙට. ප්‍රරාම්භ විභාගේ. ඔන්න මමී bike එක drive කරන ගියේ තාත්තවත් දාගෙන. කෙටියෙන් කියන්නම් කතන්දරේ. කමක් නෑනෙ. බුලත්සිංහල ඉදන් නාගොඩ කිට්ටු වෙද්දී marathon එකක් යනවා පාර දිගේ. මම ඉතින් slow කලා. ඉතින් ටිකක් ෂේප් උනාම මම ආයිත් යන්න පටන් ගත්ත. ඔන්න මම කළුතර class ගිය තැනත් මම යද්දී තාත්තට පෙන්නුවා. ඉස්සරහ බලන්ම කතාකරල. මම ඉතින් exam  එකටනේ යන්නෙ. කළුතර බෝධියට පඬුරක් එහෙම දල යන්න හිතන් මම bike එක නැවැත්තුව බෝධිය ළගින්. මල කෙලියයි. තාත්ත නෑ. ඔන්න දැන් තමයි  මට දෙලොව රත් උනේ. කෝ තාත්ත. මට කර කියා ගන්න දෙයක් න දැන්. මගේ violin case එකත් තාත්තගේ අතේ තිබුනේ. සල්ලිත් ඒකෙ. දැන් මොකෝ කරන්නෙ. අතේ සතයක් නැතුව මුකුත් කරන්න බෑ. මගේ phone එකත් violin case එකේ. මට කරන්න දෙයක් නැතුව ආපස්සට එද්දී ඔන්න මගේ යාලුවෙක් meet උන යන්තම්. කළුතර  class ඇවිත්. එයාගෙන් රුපියල් 10ක් ඉල්ලගත්ත මගේ phone එක තාත්ත ගාව  නිසා ඒකට call කරන්න හිතන්. එක මදි වෙලා තව bus stand එකේ aunty කෙනෙක්ගෙනුත් හිඟ කෑව. මම දැන් communication එකෙන් call  ගන්නව. ඒත් no answer. ලජ්ජයි. තාත්තට phone  පාවිච්චිය දන්නේ නෑ :D ඔන්න මට මතක් උනා එදා මගේ යාලුවෙක් නාගොඩ එනවා කිව්වා වැඩකට. මැරෙන්න යන එකා තුත්තිරි ගහෙත් එල්ලෙනවලුනේ. ඔන්න මත ගහන්න තියෙන අන්තිම තුරුම්පුව ගහනවා කියල call  කලා එයාට. අම්මෝ මගේ වෙලාව හොඳයි. එයාට තත්ත්ව meet වෙලා මගදි. මට කිව්වා exam  තියෙන තැනට එන්න. එතනට එන්නම් කියල. ඔන්න දැනුයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ. රුපියල් 10 මදි වෙලා communication  එකටත් පොල්ලක් තියල මම ආව  එතනට. යාළුවා හිටිය. මට දැන් සතුටුයි. ඒත් තම ගැහෙනව බයේ. කොහොම හරි exam  කරලා ආව. ගෙදර ගිහින් අම්මගෙනුයි තාත්තගෙනුයි හොඳට බැනුම් ඇහුව. ඕක තමයි කතන්දරේ. මෙහෙම චා එකක් කාල නෑ කවදාවත්. කොහොමහරි exam එකනම් pass. හ්ම්...... ඔන්න ඕකයි උනේ. :D

2 comments:

  1. ahh ela story eka. digatama liyanna. mage unicodes aul. nxt time sinhalen comment karannam. jaya wewa

    ReplyDelete