හිතට දැනුණු කතාවකි...


ජීවිතේදි එක එක ජාතියේ යහළුවෝ කොතෙකුත් මුණ ගැසී ඇත. ඒ අතර වාසි තකා මිතුරු වන්නෝ ද ළග සිටින තෙක් පමණක් අප හදුනන යහළුවෝ ද කළ දුටු කළ වළ ඉහ ගන්නෝ ද ඒ අතර බොහෝ ය. තවත් ඇතැමෙකුට අප ජීවත් වන බව සිහි වන්නේ අපෙන් යම් උපකාරයක් අවශ්‍ය වූ විටෙක දී පමණි.


ඒ අතර හදුනා ගන්න ටිකක් කල් ගිය ද සැබෑ යහළුවෝ ද හමු නොවුණා නොවෙයි. නිතර මුණ නොගැසුණ ද කාලයකට පසුව හෝ පැත්ත ගියත් ඇත්ත කියන ජාත්යේ සැබෑ හයළුවෙකු මට ද අහම්ඛෙන් වගේ මුණ ගැසුණි. හදුනා ගෙන දැනට වසරකුත් මාස දෙකකි. සැබැවින්ම අද වන තෙක් මට හමු වූ බොහොමයක් ඉතා කෙටි කාලීන මිතුරන් මෙන් මට එකම චාටු කතාවක් නැතිනම් බටර් ටෝක් එකක් දමා නැත. 

සැබැවින්ම කිව යුත්තේ මෙයයි. මා යම් ගැටළුවක සිටින විට අන් සියලු දෙනා මා හට තාවකාලික සැනසීම පිණිස බොළද චාටු තකා කීවත්, ඔබ මට පැවසූවෙ මගේ මව පියා මට කියූ දේට ඛෙහෙවින් සමාන දෙයකි. කවුරු කොහොම කීවත් සැබැවින්ම අවසානයේ නිවැරදි දේ කියන්නේත් නිවැරදිම ඔවදන දෙන්නේත් අම්මා හා තාත්තා බව මා දනිමි. පිළිගැනීම කටුක වුව ද ඔබ ද මා හට මෙතෙක් කියා ඇත්තේ එසේම බව සිහි කිරීම ද යුතු කමකි. අම්මා තාත්තා කෙසේ කීවත් යහලුවන්ගේ ද අදහස් පිළිගැනීම තරුණ වයසේ සිටින අපගේ ජනප්‍රිය පුරුද්දකි. ඒ අතර අම්මා තාත්තා කියන්නාක් මෙන්ම ගැටළුවක දී මා සමග සිටි ඔබට ඛෙහෙවින්ම තුති. 

ඇත්තෙන්ම අවශය වන්නේ අවස්ථාවේ හැටියට චාටු බස් කියා සනසනවාට වඩා මව පියා වගේම යතාර්ථය තේරුම් ගැනීමට උදවු කරන යහළුවෙකි. සහෝදරයෙකි. ඔබ ද එසේමය.
ඔබගේ නිහතමානී බව අව්‍යාජත්වය සේම අවංක බව හදවතින්ම අගයන්නෙමි.
ඔබ වැනි අව්‍යාජ පුද්ගලයින් රටට තවත් බිහි වෙන්නට පතන්නෙමි. 
රටෙහි සියලු දෙනාම ඔබ මෙන් සිත් ඇත්තෝ වන්නට පතන්නෙමි.
අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු වෙනුවට සියල්ලන්ම මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසුන් වෙත්වා...!!!

ඉතින් දයාබර මිත්‍රයාණෙනි, ආදරණීය සහෝදරයාණෙනි... දුරින් සිටියත් මෙතෙක් කල් සිටි සේම ඉදිරියටත් මා සමග හිදිනු මැන...
ඔබට සදා ජය...!!!

No comments:

Post a Comment