අවිශ්ක අයියගේ හීනෙ හැබෑ වෙන දවස අද. අවිශ්ක අයියනම් පාන්දර ඉදන්ම අසාවෙන්
ලෑස්ති වෙනවා ඩිස්පෙන්සරිය open කරන්න යන්න. හ්ම්ම්........ ඇයි
එයා විතරක්. මමත් හුඟක් අසාවෙන් උදේ ඉඳන් ඒ වෙනුවෙන්ම ලෑස්ති උනේ. උදෙන්ම
ඇඳගෙන මං අවිශ්ක අයියගේ ගෙදරට ගියා. එයාලත් එක්කම ඩිස්පේන්සරියට යන්න.
දැන්නම් වෙලාව ලං වෙනව. අවිශ්ක අයියගේ අම්මයි තාත්තයි එක්ක අවිශ්ක අයියයි
මායිත් ට්‍රයිෂෝ එහෙකින් ඩිස්පෙන්සරියට යන්න පිටත් උනා. යද්දි ඉතින් මුලින්
එන අයට සංග්‍රහ කරන්න දේවලුයි, ඕන කරන තව දේවලුයි හුඟක් දේවලුත් අරන්
ගියේ. අවිශ්ක අයියගේ ඩිස්පෙන්සරිය දාන්නෙ දෙමටගොඩ. ටිකක් දුර එන්නත් ඕනේ
ඉතිං කිරිබත්ගොඩ ඉඳන්.
ඉතින් අපි ඔහොම යද්දි අවිශ්ක අයිය වඩිවෙලා හිටියෙ මං ළගින්මයි. මාත් ඉතිං
කිසි ගානක් නෑ වගේ ඔහේ හිටිය.
'' නංගි .... '' කියල අවිශ්ක අයිය මට කතා කලේ රහසින්. මාත් එකපාරට ගැස්සිලා
බැලුව. අයිය එකපාරම මගේ අතින් අල්ලගත්ත. මටනං බයයිත් වගේ.
'' අම්ම දකියි අයියෙ .... '' මං බය උන ගමන් කිව්ව. අවිශ්ක අයියට තේරුණා මං
බය වෙලා කියල. ඒත් එයා මාව අතෑරියෙ නෑ.
'' අම්මට පේන්නෑ අනේ....... කොහොම අතාරින්නද ......'' අයිය හෙමීට කිව්ව.
'' හ්ම්ම්ම්........................... '' කියල මමත් සද්ද නැතුව හිටිය.
ඒත් මගේ පපුවනම් එන්න එන්නම වේගෙන් ගැහෙනව. ඒත් මාත් හුගක් අසාවෙන් සද්ද
නැතුව හිටිය.
දැන්නම් ඩිස්පෙන්සරියට ළඟයි. කොහොමහරි අපි දැන් තැනට ආව. නැකතට ටිකක් වෙලා
තියෙන නිසා අපි ටිකක් වෙලා එළියෙන් හිටිය. මම හුඟක් අසාවෙන් හිටියෙ අයියගෙ
ඩිස්පෙන්සරිය බලන්න.
'' වෙලාව හරි. දැන් මේක අරින්න.'' අවිශ්ක අයියට අම්ම කිව්ව.
'' අනේ මේ වෙලාවෙ අපි දෙන්නගෙම අත් දෙකෙන් මේක open කරන්න
තිබ්බනම්..........'' මගේ හිත මටම කියා ගත්ත.
ඊළඟට මොකද උනේ බලන්න හෙටත් එන්න..........................
No comments:
Post a Comment